Skip to main content

දියවැඩියාවට අඹ කොළ

දියවැඩියාව යනු කුමක්ද?
රැධිරයේ ඇති වන සමාන්‍ය ප්‍රමාණයට වැඩි ග්ලූකොස් තත්වය දිය වැඩියාව ලෙස හැදින්වේ.
සිරැරේ ඉන්සියුලින් නිෂ්පාදනයේ හෝ ස්‍රාවයේ ක්‍රියාකාරිත්වයේ අඩුවීමකින් දියවැඩියාව ඇති වේ.
ඉන්සියුලින් යනු අග්න්‍යාශයේ නිපදවන හෝමෝනයකි.
ඉන්සියුලින් රැධිරයේ ඇති ග්ලූකෝස් ශක්තිය ලබා ගැනීම සදහා සෛල තුලට ඇතුලු වීමට උපකාරී වේ.
එමගින් රැධිරයේ ග්ලූකොස් මට්ටම පාලනය කරයි.

දියවැඩියාවේ විවිධ වර්ග
1 වන වර්ගයේ දියවැඩියාව
අග්න්‍යාශයේ නිපදවන බීටා සෛල විනාශ වීම නිසා වෛරස ආසාදනයක් නිසා ස්වප්‍රතිශක්තී පද්ධතියේ වෙනසක් නිසා සිදුවේ.මෙය ඇතිවන් විශේෂයෙන් ළමාඅවධියේදීය.
                                                                                      
2වන වර්ගයේ දියවැඩියාවමෙය හේතු සාධක කිහිපයක් නිසා ඇතිවේ.මෙම හේතු සාධක වැලැක්වීමෙන් මෙම අවස්ථාව වලක් වා ගත හැක.      
ගර්භනී අවධියේදී ඇති වන දියවැඩියාව
ගර්භනී අවස්ථාවේදී ඇතිවන හෝමෝන වෙනස්කම් නිසා ඇතිවේ.දරැවා ප්‍රසූත කිරීමෙන් පසුව මෙම තත්වය නැවත යථා තත්වයට පත්වේ.
දිවැඩියාව ඇති වීමට වයස්භෙදයක් නැති අතර සතුන්ට පවා ඇති විය හැක.

දියවැඩියාව නිසා ඇති වන සංකූලතා
විශේෂයෙන් අධික ග්ලූකෝස් ප්‍රමාණය ශරීරයේ අවයව පටක වලට හානි පමුණුවයි.
එමගින් දිගුකාලීන සංකූලතා ඇති විය හැක.
දියවැඩියාව නිසා ඇති වන සංකූලතා
අන්ධ වීම
දෙපා වල ඇති වන සුව නොවන තුවාල
වැඩිපුර මුත්‍රා පිටවීම
අධික පිපාසය සහ තොලකට වියලීම
කෙණ්ඩා පෙරලීම
කෙටි කලකින් බර අඩුවිම
මුත්‍රා මාර්ගය අසලඇතිවන දිලීර ආසාදන
දියවැඩියාව පාලනය කිරීම සදහා නොයෙකුත් ඖෂධීය ශාක බාවිතා කෙරේ.
දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා මගහැරීම සදහා අඹ කොල යොදා ගත හැකි බව කරන ලදපර්යේෂණ වාර්තා අපට හදුනා ගත හැක.
අඹ කොල චීන ජාතියකයන් විසින් ඈත අතීකයේ සිටම දියවැඩියාව සුව කිරීම සදහා යොදා ගෙන ඇත.මෙම පත්‍ර වල ක්‍රියාකාරී සංයෝග මෙසේ  හදුනා ගෙන ඇත.
  • Caffeic acid
  • Mangaferin
  • Flavonoids
  • Gallic acid 
පර්යේෂණ වලින් පෙන්වා දී ඇති කරණු අනුව

  • මෙම පත්‍ර වල විශාල වශයෙන් ඇන්ටිඔක්සිජන් අඩංගු බැවින් ශරීරයේ ඇති විෂ ඉවත් කරවයි.
ඉන්සියුලින් නිෂ්පාදනය වැඩි කිරීම මගින් රැධිරයේ සීනි මට්ටම අඩු කරයි.
තවද මෙම පත්‍ර වල බහුල වශයෙන් තන්තු ,විටමින් සී සහ පෙක්ටීන් අඩංගු බැවින් රැධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කර හෘදය නිරෝගීව තබා ගැනීමට වැදගත් වේ.
පත්‍ර වල විටමින් ඒ බහුල බැවින් දියවැඩියාව නිසා ඇතිවන පෙනීමේ දුර්වලතා මගහරවයි.
වකුගඩු වල ගල් දිය කර වකුගඩු වල නිරෝගීව පවත්වා ගැනීමට මෙම පත්‍ර වල අඩංගු සංඝටක හේතු පාදක වේ.

අඹ පත්‍ර භාවිතා කරන ආකාරය
අඹ පත්‍ර කිහිපයක් විනාඩ් 15 ක් පමණ කම්බා රැයක් තබා හිස් බඩ පානය කිරීමෙන් දියවැඩියාව වලක්වා ගත හැකි වේ.
ලපටි පත්‍ර ද ගත හැක.පත්‍ර වියලා කුඩු කර ගෙනද භාවිතා කල හැකිවේ.
මෙසේ මාස 03ක් පමණ භාවිතා කිරීම මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි වේ.
උණ ,අතීසාරය සහ ස්වසන රෝග වලටද අඹ පත්‍ර ගුණදායකය.
රෝග මැඩ පැවැත්වීමේ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
අඹ පලතුරක් වශයෙන් ඇති ගුණ පිලිබදව විවිධ පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.
බොහෝමයක් ශාක වර්ග දිවැඩියාව පාලනය සදහා යොදා ගැනේ.නමුත් අඹ කොළ භාවිතා 
කිරීමෙන් දියවැඩියාව පෙර අවධියේදී සම්පුර්ණ සුවයක් ලැබිය හැකි බව පර්යේෂණ වාර්තා පෙන්වා දී ඇත.
මෙවැනි විශ්මිත ශාක විශ්වයේ තවත් තිබිය හැක.

උපුටා ගැනිම-health benifits of mango leaves and science daily news

Comments

Popular posts from this blog

තරුණ බව රකින ඉගුරු

අඩියක් පමණ උස ඇති පදුරක් ලෙස වැවෙන වාර්ෂික ආයු කාලයක්  සහිත පසතුල තිරස් භූගත අල ලෙස (රයිසෝමයක්) විකර්ණය වු  මූල පද්ධතියකින් යුත්  Zingier officinale     යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ඉගුරු ශාකය ශ්‍රී ලාංකික ජනතාව අතර ප්‍රකට ජනප්‍රිය ගෘහ ඖෂධයක් හා කුළු බඩුවක් වශයෙන්  දැක්වෙනු ලැබේ. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශකයකම වැවෙන මෙයට වඩාත් හිතකර පරිසරය වනුයේ පහතරට තෙත කලාපීය දේශගුණික තත්ත්වයන් ය. ලොව පුරා නිවර්තන රටවල ව්‍ය්ප්ත වි ඇති ඉගුරු ශාකයේ නිජබිම පිළිබදව විශේෂයෙන්  සදහන් නොවේ. එහෙත් ඉන්දියාව විය හැකි බවට විශාවාසය පවතී. ඒ ඉගුරු භාවිතය පිලිබද දීර්ඝ ඉතිහාසයක් ඉන්දියාවට ඇති බැවිනි. එමෙන්ම චීනයද ඉගුරු භාවිතය පිළිබද වසර දහස් ගනනක ඉතිහාසයකට හිමිකම් කියනු ලැබේ. මේ සදහා හොදම නිදසුන වනුයේ වසර පන්දහසකට පෙර ලි යැවුනු  shen Nung pen Shao Tching     නම් වු කෘතියේ ඉගුරු පිළිබදව සදහන්ව තිබීමයි. හටගත්   ප්‍ර දේශය අනුව හෝ රට අනුව අප්‍රිකානු ඉගුරු චීන ඉගුරු, කොචින් ඉගුරු(දකුණු ඉන්දියාව) කැලිකට් ඉගුරු, ජැමෙරිකානු ඉගුරු, ඕ ස්ට්‍රේලි...

දියවැඩියාවට කුරැදු සහ මී පැණි

දියවැඩියාව යනු රැධිරයේ ඉන්සියුලින් වල ක්‍රියකාරිත්වය අඩු වීමකි.මෙහිදී රැධිර සීනි මට්ටම වැඩිවිමක් පෙන්නුම් කරයි.සීනි සහිත ආහාර ශරීරයට සතුරැ වේ. මී පැණි පැණිරසකාරකයක් වුවත් දියවැඩියා රෝගීන්ට ආහාරයට ගත හැක. ඒ මන්ද යත් මී පැණි වල ඇමයිනෝ අම්ල සහ ආරක්ෂක පෝෂක බහුල වේ. මෙවා මගින් පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය වැඩිවේ. මෙහි ඇති පැණි රස කාරකය ග්ලුකෝස් මෙන් වේගවත් ලෙස රැධිරයට අවශෝෂණය නොකරයි. මී පැණි වල වල ඉතා අඩු ග්ලයිසීමික් අගයක් ඇත. මෙම කාරනා නිසා මි පැණි වලින් රැධිරයේ සිනී මට්ටම අඩු කැරයි. මී පැණි ලෙමන් මිශ්‍රණය මෙම මිශ්‍රණය උදේට පානය කිරීමෙන් රැධිරයේ සීනී මට්ටම අඩු කරයි. මෙම මිශ්‍රණය පිලියෙල කර ගන්නා ආකරය අවශ්‍ය ද්‍රව්‍ය මී පැණි තේ හැදි 01 ලෙමන් තේ හැදි 01 වතුර කෝප්ප01 වතුර රත් කරන්න තරමක් නිවෙන්නට හරින්න ලෙමන් තේ හැදි 01එක්කරන්න මී පැණි තේ හැදි 01 එක්කරන්න හොදින් කලවම් කරන්න මී පැණි සහ කුරැදු මිශ්‍රණය මෙම මිශ්‍රණය දිවැඩියාවට ඉතා ගුණදායක බව පර්යේෂකයින් විසින් පෙන්වා දී ඇත. කුරැදු මගින් රැධිරයේ ක්ලෙස්ටරෝල් මට්ටම 18%කින්ද රැධිර සීනී මටිටම 24%කින්ද අ...

කෙස් වර්ධනය සඳහා ලූනු

  සල්ෆර්:     ළූනු ඉතා පොහොසත්     සල්ෆර්.   සල්ෆර් කොණ්ඩයේ වර්ධනය සඳහා අවශ්‍ය කොලජන් පටක නිෂ්පාදනය වැඩි දියුණු කරයි.   යුෂ වල ඇති සල්ෆර් අන්තර්ගතයට බැක්ටීරියා ආසාදන ඇති අතර මෙම ආසාදන හේතුවෙන් හිසකෙස් අහිමිවීමේ හැකියාව අවම කර ඇති අතර ,  දිලීර හා බැක්ටීරියා වර්ධනය වීම වළක්වයි.   ලූනු යුෂ හිසකෙස් ශක්තිය වැඩි කිරීම හා තුනී කිරීම හා වැනසීම වළක්වයි. අර්සොබික්   අම්ලය :     රුධිරය මගින් සපයන ලද ඔක්සිජන් ප්‍රමාණය වැඩි කිරීමෙන් එය රුධිරය වේගවත් කරයි  .  මෙම   කෙස්වල   එම නිසා   එය සෛලීය ස්වසනය වැඩි දියුණු කරන ලදි.   හිසකෙස් ව්‍යහයේ ප්‍රත්‍යස්ථා මට්ටමට වගකිව යුතු කොලජන් නිෂ්පාදනය   ද   වර්ධනය   වේ. අත්‍යවශ්‍ය  තෙල්:      ලූනු අඩංගු මෙම තෙල් අඩංගු ප්‍රති-ක්ෂුද්‍ර ජීවීන්    විෂබීජ නාශක සහ විෂබීජ නාශක ආදියයි.   මෙම තෙල් වර්ග ඔබේ හිස්කබලේ ඇති අහිමි පෝෂ්‍ය පදාර්ථ ප්‍රතිස්ථාපනය කරයි. විටමින් සහ   ඛනිජ වර්ග:  ...