අඩියක් පමණ උස ඇති පදුරක් ලෙස වැවෙන වාර්ෂික ආයු කාලයක් සහිත පසතුල තිරස් භූගත අල ලෙස (රයිසෝමයක්) විකර්ණය වු මූල පද්ධතියකින් යුත් Zingier officinale යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ඉගුරු ශාකය ශ්‍රී ලාංකික ජනතාව අතර ප්‍රකට ජනප්‍රිය ගෘහ ඖෂධයක් හා කුළු බඩුවක් වශයෙන් දැක්වෙනු ලැබේ. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශකයකම වැවෙන මෙයට වඩාත් හිතකර පරිසරය වනුයේ පහතරට තෙත කලාපීය දේශගුණික තත්ත්වයන් ය. ලොව පුරා නිවර්තන රටවල ව්‍ය්ප්ත වි ඇති ඉගුරු ශාකයේ නිජබිම පිළිබදව විශේෂයෙන් සදහන් නොවේ. එහෙත් ඉන්දියාව විය හැකි බවට විශාවාසය පවතී. ඒ ඉගුරු භාවිතය පිලිබද දීර්ඝ ඉතිහාසයක් ඉන්දියාවට ඇති බැවිනි. එමෙන්ම චීනයද ඉගුරු භාවිතය පිළිබද වසර දහස් ගනනක ඉතිහාසයකට හිමිකම් කියනු ලැබේ. මේ සදහා හොදම නිදසුන වනුයේ වසර පන්දහසකට පෙර ලි යැවුනු shen Nung pen Shao Tching නම් වු කෘතියේ ඉගුරු පිළිබදව සදහන්ව තිබීමයි. හටගත් ප්‍ර දේශය අනුව හෝ රට අනුව අප්‍රිකානු ඉගුරු චීන ඉගුරු, කොචින් ඉගුරු(දකුණු ඉන්දියාව) කැලිකට් ඉගුරු, ජැමෙරිකානු ඉගුරු, ඕ ස්ට්‍රේලි...